9 වැනිදා කැඳවන්න තිබුණු පාර්ලිමේන්තුව හදිසියේම 2 වැනිදා කැඳවයි!
2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇත.
එබැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.
ජනාධිපතිවරයා එදින රටේ ආර්ථික තත්ත්වය, බංකොලොත්භාවය යනාදී කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි රැස්වීමට නියමිතව තිබුණේ ලබන 9 වැනිදාය.
පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ රැස්වන බවට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පාර්ලිමේන්තුව කටයුතු කරමින් සිටී.
එසේම ලබන 2 වැනිදායින් පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ලබන28 සිකුරාදා පැවැත්වීමට නියමිතය.
9 වැනිදා කැඳවන්න තිබුණු පාර්ලිමේන්තුව හදිසියේම 2 වැනිදා කැඳවයි!
2024-06-26T07:23:00+05:30
Gossip Lanka Hot News






