gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හැට නම ලක්ෂයෙන් කෙනෙක් නම්... තවමත් මව්බිමට ආදරේ නම් කල යුත්තේ අප සමග එක් වීමයි - ගම්මන්පිල

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක මහතුවරුන්ට ඇත්තේ එකම ප්‍රතිපත්තීන් බැවින් “එක්සත් සමගි බලවේගය” නම් සන්ධානයක් පිහිටුවා මින් එක් අපේක්ෂකයෙකු පමණක් මෙවර ජනාධිපතිවණයට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ සර්වජන බලය සන්ධානය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

එක්සත් සමගි බලවේගය

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් රනිල්, සමගි ජන බලවේගයෙන් සජිත්, ජාතික ජන බලවේගයෙන් අනුර කියලා අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීම සම්පත් නාස්තියක්.

ඒ වෙනුවට මේ සන්ධාන තුනේ නම් තුනෙන් වචනය වචනය අරගෙන “එක්සත් සමගි බලවේගය” කියලා සන්ධානයක් හදලා එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හොඳටම ප්‍රමාණවත්.

තුන්ගොල්ලෝම එකයි

ඇයි අපි එහෙම කියන්නේ. මේ තුන්ගොල්ලන්ගේම ප්‍රතිපත්ති එකයි. මේ තුන්ගොල්ලන්ගේම ආර්ථික ප්‍රතිපත්තිය වැල් පාලමෙන් එතෙරවීම. මේ තුන්ගොල්ලන්ගෙම දේශපාලන ප්‍රතිපත්තිය රට ජාතීන්, ජනවර්ග, අනුව බෙදලා ජාතිවාදය නීතිගත කරලා ජාතිවාදී ගිනිදැල් වලින් සදා දැවෙන රටක් නිර්මාණය කිරීම.

මේ හැමෝගෙම විදේශ ප්‍රතිපත්තිය තමයි ජූලි චං කියපු විදිහට එළිසබත් හෝස් කියන විදිහට රට පාලනය කිරීම.

එහෙම නම් මේක එකම කැරට් අලේ එක්කෙනෙක් සම්බෝල හදලා දෙනවා, එක්කෙනෙක් කිරට දෙනවා, එක්කෙනෙක් මිරිසට දෙනවා. අවසානයේ ලැබිලා තියෙන්නේ එකම දේ. තවත් විදිහකට කියනවා නම් රනිල් ගුරුපාට බෝතලයේ දාලා දුන්නත්, සජිත් කොළපාට බෝතලේ දාලා දුන්නත්, අනුර රතුපාට බෝතලයේ දාලා දුන්නත් ඔය හැම බෝතලයකම තියෙන්නේ එකම වස පානය. බිව්වොත් ලක් මාතාව මැරෙනවා. බෝතල් මාරු කරලා මාරු කරලා හති වැටිලා ඉන්න ජාතියකට බෝතල් මාරු කරනවා වෙනුවට පානය මාරු කරලා ජය පානය මේ බෝතල් තුළට දාගන්නයි අවශ්‍ය.

ඔන්න ඔය බලාපොරොත්තුවෙන් තමයි හැට නම ලක්ෂයක් ජනතාව එකතුවෙලා මේ තුන්දෙනාම එකට නායකත්වය දුන්න යහපාලන ආණ්ඩුව පරාජය කරලා ආණ්ඩුවක් ගෙනාවේ. ජාතියේ අවාසනාවකට අපි රට භාර දුන්නා නායකයා අපේ බලාපොරොත්තු කඩ කරලා අපේ හතුරු පිළේ නායකයාට රට බාර දීලා පැනලා ගියා.

අපේ ඉදිරි ගමන් මග

රට භාර දුන් පුද්ගලයා අපේ බලාපොරොත්තු කඩකළ පලියට, අපිට අපේ මව්බිම වෙනුවෙන් සිහින දැකීම නතර කරන්න බෑ. මව්බිම වෙනුවෙන් අනාගත සැලසුම් හදන එකත් නතර කරන්න බෑ. එහෙම නම් අප ගැන විශ්වාසය තියලා ඡන්දය දුන්න ලක්ෂ හැට නමයක් ජනතාවගේ අනාගත බලාපොරොත්තු බොඳ කිරීමත් අපට කරන්න බෑ. එහෙමනම් අපි වැරදුනු තැන් නිවැරදි කරගෙන යළි ගමන ආරම්භ කරන්න ඕනෑ. නතර කළ තැනින් ගමන ආරම්භ කරලා එදා අපි ජාතිය ඉදිරියේ හදාගත් ඉදිරි සැලැස්ම මහපොළොවේ පැල කරන තුරුම අපි ඉදිරියට ගමන් කළ යුතුයි.

ඒ වෙනුවට කවුරුන් හරි හිතනව නම් අපි 2019 දී පරාජය කල යහපාලන ආණ්ඩුවේ නායකයන් වන රනිල්ට හරි සජිත් හරි අනුරට හරි රට බාර දෙන්න ඕනෑ එසේ දීලා රට ආපසු 2015ට ගෙනියන්න ඕනෑ කියලා මම කියනවා රටට ආදරෙයි නම් කිසිම කෙනෙක් එහෙම හිතන්නේ නෑ.

ඔබ හැට නම ලක්ෂයෙන් කෙනෙක් නම් තවමත් මව්බිමට ආදරයෙන් සිටිනවා නම් ඔබ සිටිය යුත්තේ නුගේගොඩ අප සමගයි කියන එක අපි ඔබතුමන්ලාට මතක් කරනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වීය.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka