gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තිළිණි ප්‍රියමාලිගෙන් ඩොලර් මාරුකරන්න ගිහිං ලක්ෂ 50ක් ගල්වෙලා!

රුපියල් ලක්ෂ 50 ක මුදලක් තිළිණි ප්‍රියමාලි මගින් ඩොලර් බවට පත්කර දිය හැකි බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාගෙන එම මුදල හෝ ඩොලර් ලබානොදී වංචාවක් කළ බව කියන සැකකාර කාන්තාවක් මෙම 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත ඊයේ (12) නියෝග කළාය.

කොටිකාවත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව කියන කුමුදුනී සුදර්ශනී නමැති කාන්තාවක් එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

රාගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන රංජිත් ඉදිරිසිංහ නැමැති අයකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකර කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය.

පැමිණිලිකාර පුද්ගලයා වෙනුවෙන් නීතිඥ ෆසීර් මොහොමඩ් පෙනීසිටි අතර ඔහු කියාසිටියේ ඩොලර් හිගයක්ව පැවැති පසුගිය වසරේ පැමිලිකරුට විදෙස්ගතවීමේ අවශ්‍යතාවයක් තිබී ඇති බවත්, ඒ සඳහා ඩොලර් සොයමින් සිටින අතරතුර ඔහුගේ සහෝදරයකු මාර්ගයෙන් සැකකාර කාන්තාව හඳුනාගෙන ඇති බවත්ය.

ඒ අනුව සැකකාර කාන්තාව හඳුනාගත් පැමිණිලිකරු ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ පණහක මුදලක් ඩොලර් බවට පත්කර ගැනීමට හැකිදැයි සැකකාරියගෙන් විමසා ඇති අතර, තිළිණි ප්‍රියමාලි මගින් එම මුදල් ඩොලර් බවට පත්කර දිය හැකි බවට සැකකාර කාන්තාව පැමිණිලිකරුට ඒ අවස්ථාවේදී පවසා ඇති බවත් නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

පසුව සැකකාර කාන්තාව පැමිණිලිකරුට තිළිණි ප්‍රියමාලි හඳුන්වාදීමෙන් අනතුරුව පැමිණිලිකරු ඇය සමග දුරකථනයෙන් කතාකළ අවස්ථාවකදී එම මුදල ඩොලර් බවට පත්කර දිය හැකි බවට තිළිණි ප්‍රියමාලි පැමිණිලිකරුට පවසා ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවිය.

කතාබස් කරගත් පරිදි පැමිණිලිකරු සැකකාර කාන්තාවට රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබාදී එය ඩොලර් බවට පත්කර දෙන ලෙසට ඉල්ලා ඇති නමුත් දින සති මාස කීපයක් ගතවුවද එම මුදල හෝ ඩොලර් පැමිණිලිකරුට ලබානොදී සැකකාර කාන්තාව සැඟව සිට ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

පසුව පැමිණිලිකරු සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම විමර්ශන අංශය මගින් සැකකාරියව අත්අඩංගුවට ගැන ඇති බවත්, ඒ අවස්ථාවේදී සැකකාරිය තිළිණි ප්‍රියමාලිගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ඉල්ලා පැමිණිලිකරුට ලබාදී ඇතත් සෙසු ලක්ෂ හතලිහක මුදල ලබාදී නොමැති බවද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු වලින් හෙළිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන මිරිහාන පොලිස් විශේෂ විමර්ශන අංශ නිලධාරීන් අධිකරණය හමුවේ කියාසිටියේ තිළිණි ප්‍රියමාලි නමැත්තිය මෙම සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වන බැවින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන වාර්තාව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

පැමිණිලි හා විත්ති පාර්ශ්ව දැක්වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකාර කාන්තාව මෙම 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ අතර ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියම කළාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka