gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් හා එක්වීමට තිලංග, දයාසිරිලා සාකච්චා!

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකදී  සන්ධානගතව කටයුතු කිරීම සම්බන්ධයෙන්  සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය යන දේශපාලන සන්ධාන සමග සාකච්ඡා ආරම්භ කීරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළ  බව එම සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා පවසයි.

වැදගත් තීන්දු තීරණ රැසක් සමගින් ශ්‍රී ලංකා නිදහස්  පාක්ෂිකයා සුරැකෙන සහ මැද මාවතේ දේශපාලන ධාරාවට අනුගතවන නව දේශපාලන ක්‍රියාකාරකම් රැසක් ඉදිරියේදී ආරම්භ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය පියවර ගන්නා බවද තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියාසිටියේ  එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග පිළිබද පුළුල් ලෙස සාකච්ඡා කිරීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්, ආසන සංවිධායකයන්  සහ දිස්ත්‍රික් සංවිධායකයන් කැඳවමින් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී 2024 ජුනි 02 වැනි දින පවත්වන ලද විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉදිරියේදී පැවැත්වෙන කිසිදු  මැතිවරණයකදී වත්මන් රජය සමග එක්ව කටයුතු කිරීමට  එක්සත් ජනතා නිදහස් සන්ධානයට කිසිදු බලාපොරොත්තුවක් නොමැති  බවත් එබැවින් රජයේ පාර්ශ්ව සමග ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බවත් ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා මෙහිදී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද මාවතේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් එක්ව ඉදිරියට යා හැකි විපක්ෂයේ බලවේග  සමග සාකච්ඡා ආරම්භ කීරීම ඇතුළු යෝජනා කිහිපයකට මෙම රැස්වීමේදී එකගතාවය පළවී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද මෙහිදී අදහස් පළ කළේය.

media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka