මං බය නෑ.. මං 13 ක‍්‍රියාත්මක කරනවා - සජිත්
ඉදිරියේ දී පිහිටුවනු ලබන සමගි ජන බලවේග රජයක් යටතේ 13 වන සංශෝධනය ක්රියාත්මක කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
13 වන සංශෝධනය ගැන කතා කිරීමට විවිධ නායකයන් බියවන නමුත් ඔවුන් දේශපාලන අවස්ථාවේදීන් බවද පැවසූ විපක්ෂ නායකවරයා තමන් කෙලින් කතා කරන පුද්ගලයකු ලෙස මෙම සංශෝධනය ක්රියාත්මක කරන බවද සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ කිලිනොච්චිය එය ප්‍රදේශය පැවැති සක්වල වැඩසටහනකට එක්වෙමිනි.
සිංහල දෙමළ බර්ගර් මුස්ලිම් මොන ජාතිකයෙකු වුණත් එක මවගේ දරුවන් ලෙස අත්වැල් බැඳගෙන රට ගොඩනැගීමට එකතු වන ලෙසද ඔහු ආරාධනා කළේය.
මං බය නෑ.. මං 13 ක‍්‍රියාත්මක කරනවා - සජිත්
2024-06-09T19:04:00+05:30
Gossip Lanka Hot News





