තමන් ඩීල් දේශපාලනයේ යෙදුනේ නම් ජනාධිපති වී නමට ඉදිරියෙන් ‘ශ්‍රීමත්’ ලෙස දාගැනීමට ද තිබුණු බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට ජනාධිපති ධුරය බාරගන්නයි පණිවිඩ පිට පණිවිඩ එවූ බවද හෙතෙම පැවසීය.
නමුත් රට විනාශ කළ පුද්ගලයන් හා හොරු සමඟ ආණ්ඩු කරන්නට තමන් සූදානම් නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ මොහොතේ තමන් දන්වා යැවූ බවත් ඔහු කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් පොකුණුවිට ප්‍රදේශයේ පවත්වන ලද ජන හමුවක් අමතමිනි.
තමන් ඕනෑම තනතුරක් බාරගන්නේ ජනතාවගෙන් ලද ජනවරමකින් බවද පැවසූ ඔහු සඳහන් කළේය.
