gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති රන්ජිත් මද්දුම බණ්ඩාරගේ එජාප තහනම ඉවත් කරයි… එහි තේරුම තව ටික දවසකින් වැටහෙනු ඇතැයි වජිර අබේවර්ධන කියයි!

රන්ජිත් මද්දුමබණ්ඩාරගේ එක්සත් ජාතික පක්ෂ තහනම ඉවත් කරමින් එකසත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (02) කටයුතු කිරීම තේරුම් ගැනීමට තවත් ටික කාලයක් යනු ඇතැයි වජිර අබේවර්ධන පවසයි.

එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගයේ 20කට ආසන්න ප්‍රමාණයක්වත් එක් කර නොගතහොත් පොහොට්ටුවෙන් වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පොහොට්ටුව පාර්ශවයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති පසුබිමක මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධව බොහෝ පාර්ශවල අවධානය යොමු වෙද්දී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් වජිර අබේවර්ධන මෙසේ කීවේය.

අද උදේ නායක තුමාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුනා. එතුමා අද තීරණය කරනවා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරලා රන්ජිත් මද්දුම බණ්ඩාරගේ පක්ෂ තහනම ඉවත් කරන්න.

ඒකෙ ඉතිරි කතාව ඔබට තේරෙන්න තවත් ගොඩක් කල් යයි. හිමිහිට කල්පනා කරන්න වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට ගියෙ එක්කෙනෙක් හැටියට. අද එතුමා ප්‍රසිද්ධ නොකලාට තනිවම නෙවෙයි ඉන්නේ සිය ගණනක් එක්කයි ඉන්නේ කියලා මම ඔබට මතක් කරන්න කැමතියි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka