පියුමි හංසමාලී ලඟ සුපිරි බලවතෙකුගේ සල්ලි හැංගූ බව තව දුරටත් තහවුරුයි
අයථා ලෙස ධනය රැස් කර ගෙන ඇති බවට පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන පියුමි හංසමාලි සම්බන්ධයෙන් පැමිණිලි කළ සංජය මහවත්ත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් අත්තඩංගුවට ගත් ආකාරය පිළිබඳව නීති ප්‍රවීණයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.
ඉහළ පොලිස් නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කළ බව කියමින් මොහු අත්තඩංගුවට ගැනීමත්, ඒ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යෙදවීම මෙන් ම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අදාළ පසුබිම සකස් කරන ලද ආකාරය පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.
මේ වනවිට මූලික චෝදනා එල්ල වී තිබෙන පියුමි හංසමාලි සම්බන්ධයෙන් ඍජු ක්‍රියා මාර්ග නොගෙන පසුබිමේ තොරතුරු රැස් කරමින් සිටින විමර්ශකයන් අදාළ පැමිණිල්ල කළ පුද්ගලයා අත්තඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම ප්‍රබල දේශපාලන හස්තයකින් මෙහෙයවන බව තහවුරු කර තිබේ. මෙම නිරූපණ ශිල්පිනියගේ නමින් ඉහළම ප්‍රභූන් කළු සල්ලි සඟවා ඇති බවට මුලදීම දැඩි සැකයක් ඇති විය. ඉන්පසු ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරයෙන් එම සැකය තව දුරටත් තහවුරු කෙරෙමින් පවති.
- lankatruth
පියුමි හංසමාලී ලඟ සුපිරි බලවතෙකුගේ සල්ලි හැංගූ බව තව දුරටත් තහවුරුයි
2024-06-29T07:50:00+05:30
Gossip Lanka Hot News






