gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝක කුසලාන පරාජයන්ට වගකිවයුත්තේ පාලක මණ්ඩලයයි – හිටපු ඇමැති රොෂාන්

T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම දැක්වූ දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් වගකීම භාරගත යුතු බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පවසයි.

මාධ්‍යවේදීන් අමතමින් රණසිංහ කියා සිටියේ තමන් කිසි විටෙකත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට දොස් නොකියන බවත් ඔවුන් දක්ෂ ක්‍රීඩකයන් බවත් ප්‍රකාශ කරන බවයි.

“ක්‍රිකට් පාලක මණ්ඩලය වගකීම ගත යුතුයි. නිසි කළමනාකාරීත්වයක් ඇතුව කරනවා නම් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම කළ නොහැකි දෙයක් නොවෙයි.” යනුවෙන් ඔහු පවසයි.

තමා ඉවත් කළ වහාම ක්‍රීඩා ආයතන සඳහා නව රෙගුලාසි හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කමිටුව ක්‍රියාත්මක වූයේ නම් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේදී මෙවැනි දුර්වල තත්ත්වයකට පත්වීම වළක්වා ගත හැකිව තිබූ බව රොෂාන් රණසිංහ සඳහන් කරයි.

“ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න නම් ක්‍රිකට් ආයතනය තහනම් කරලා දූෂිත නිලධාරීන් ඉවත් කළාට කමක් නැහැ. කණ්ඩායම දිගටම ක්‍රීඩා කළ යුතුයි. හැබැයි මේගොල්ලන්ට වටින්නේ සල්ලි මිසක් ක්‍රිකට් දියුණු කරන්න අදහසක් නැහැ” යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි කිරීම සඳහා නව ක්‍රීඩා නීතියක අවශ්‍යතාව හිටපු ක්‍රීඩා ඇමැතිවරයා අවධාරණය කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka