gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොසොන් උත්සවයදා පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් ගැන මිහින්තලේ හිමිගෙන් ප්‍රභල අනාවරණයක්!

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණවැවේ ධම්මරතන හිමිපාණන් විසින් පෙරේදා (10) ඌව සහ මධ්‍යම පළාත්වල හිටපු ආණ්ඩුකාරවරයෙකු වන නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මිහින්තලා රජමහා විහාරස්ථානයේදී උන්වහන්සේ බැහැදැක සිදු කළ සාකච්ඡාවකදී ඉතා බරපතළ ප්‍රකාශයක් සිදුකර ඇති බව වාර්තා වේ.

උන්වහන්සේ එහිදී කියා සිටියේ පාස්කු ප්‍රහාරය වැනි යම් සිද්ධියක් පොසොන් උත්සවය ඉලක්ක කර ගනිමින් ඓතිහාසික මිහින්තලා පුදබිම තුළදී සිදු වුවහොත් ඊට වගකිවයුත්තන් එල්ලා මැරීම නොව, මෝරුන්ට කෑමට දැමිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය වලවා හැඟුණවැවේ ධම්මරතන හිමිපාණන්

“මෙවර ලක්ෂ විස්සක පමණ ජනතාවක් අනුරාධපුරයට මිහින්තලයට පැමිණෙතැයි අපේක්ෂා කරනවා. නමුත් මේ වන තෙක් කිසිදු ආරක්ෂක හමුදා නිලධාරියෙක් මිහින්තලේ ආරක්ෂාවට කැඳවලා නැහැ.

ආණ්ඩුවට මාව ත්‍රස්තවාදියෙක් විදියට පේන නිසා ජීවිත හානියක් වුණත් සිදු කරන්න පුළුවන්. මාව මරන්න පසුගිය කාලයේ සැලසුම් තිබුණා දැනටත් තිබෙනවා.

කොහොම වෙතත් රටේ ජනතාවට සීරීමක්වත් වෙන්න බෑ. මේ තමයි රටේ ජනතාවගේ ප්‍රථම උත්සවය. මේ රටේ මිහිඳු හාමුදුරුවන්ගේ දහම ඉගෙන ගත්ත කිසිවෙක් පාර්ලිමේන්තුවේ නැහැ. එහෙම ඉන්නවානම් පොසොන් පින්කමට මේ තරම් අරියාදු කරන්නේ නැහැ. මෙය ජනතාවගේ පින්කමක්. පාලකයෝ මේවා කළ යුතුයි.

අඩුම තරමේ එළාර රජතුමාගේ කාලෙවත් මෙහෙම වෙලා නෑ. රජ කාලෙත් මේ පින්කම් කරල තියෙනවා. අනගාරික ධර්මපාලතුමා කිව්වා වගේ පර සුද්දෝ තමයි දැන් ලංකාව පාලනය කරන්නේ. උන්ට ආගමක් දහමක් නෑ. හැමෝම පාර්ලිමේන්තුවේ ගහ ගන්නවා. කතා කරන්නේ බලය ගන්න විදිහ ගැන විතරයි.

මෙහිදී මධ්‍යම හා ඌව පළාත්වල හිටපු ආණ්ඩුකාරවරයකු වන මෛත්‍රී ගුණරත්න පැවසූවේ කැපවීමක් ඇති පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත්වුවහොත් මාස හයකින් රට ගොඩනැගිය හැකි බවත් ඊට සියලු කණ්ඩායම් එකට එකතු වියයුතු බවත් රට පවත්වාගෙන යෑමට විනයගරුක පාලනයක් රට තුළ තිබියයුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka