gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරට හරීන්ට මැ.කෝ ගෙන් අවවාදයක්... අදාල නැති වැඩ කරන්න එපා!

ඇතැම් දේශපාලනඥයින් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කරන පසුබිමක මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව එය තම නිලයේ තනි අභිමතය බවත් එම නිසා අනෙක් අය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්ය.

මෑතකදී, ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක, සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 5 යන දිනවල ඡන්දය පවත්වන බව පැවසූ අතර, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගෙදර ඒමට ගුවන් ටිකට්පත් වෙන් කර ගන්නා ලෙස ඉල්ලීමක්ද කළේය. ඊට අමතරව ඔක්තෝබර් 5 වැනිදා ඡන්ද විමසීම පැවැත්වෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ කොමිෂන් සභාවට එය තීරණය කිරීමට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව පමණක් බවයි. ජනාධිපතිවරණයට අදාළ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට ජූලි 17 වැනිදායින් පසු කොමිසමට බලය ලැබෙන බවත් සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර ඕනෑම දිනයක ඡන්ද විමසීම පැවැත්විය හැකි බවත් ඔහු පැවසීය.

“එය සතියේ දිනක් හෝ සති අන්තයේ විය හැකිය. කොමිසමට ඒක තීරණය කරන්න පුළුවන්. නිවේදන නිකුත් කිරීම දේශපාලකයන්ගේ අයිතිය නොවේ. අපි සුදුසු තීරණයක් ගන්නම්,” ඔහු පැවසීය.

මීට පෙර ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1981 අංක 5 දරණ ජනාධිපති මැතිවරණ පනත ප්‍රකාරව නියමිත කාලසීමාව තුළ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවන බවයි.

ප්‍රධාන පක්‍ෂ මැතිවරණයකට සූදානම් වෙනවා. සමහර පක්‍ෂ තම අපේක්‍ෂකයන්ට සහය දැක්වීම සඳහා සන්ධාන ගත වීමට බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා

කෙසේවෙතත් අනුර දිසානායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණක් මැතිවරණයට ඉදිරිපත් වන බව දැනට ප්‍රකාශ නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවත් හෙතෙම පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka