ජනප්‍රිය රූපවාහිනී මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න හට නන්නාඳුනන පිරිසක් විසින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.
අද (21) අලුයම 03ට පමණ මෙම මාධ්‍යවේදියාට පහර දී ඇත්තේ ඔහු නවාතැන් ගෙන සිටින කැලණිය ප්‍රදේශයේ නවාතැන්පොළේ දීය.
පහරකෑමට ලක් වූ ධනුෂ්ක සෙනෙවිරත්න මේ වනවිට හිසට සහ අත පයට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඔහු නිදා සිටියදී, අද අලුයම 03ට පමණ කිසිවෙක් පැමිණ නවාතැන්පොළෙහි දොරට තට්ටු කර තිබේ.
එම අවස්ථාවේ දී පැමිණ සිටින්නේ කවුරුන් දැයි ඔහු දොර විවෘත කිරීමට පෙර විමසා සිට ඇති අතර පැමිණ ඇත්තේ පොලීසියෙන් බවට පැවසූ නිසාවෙන් ඔහු විසින් සිය කාමරයේ දොර විවෘත කර තිබේ.
එහිදී තමන්ට පහර දුන් තැනැත්තා තමා සමග නවාතැන්පොළේ රැඳී සිටින අයෙකුගේ නමක් කියා එම පුද්ගලයා සිටින්නේ කොහේදැයි තමන්ගෙන් විමසූ බව ඔහු පවසයි.
එම අවස්ථාවේ දී ධනුෂ්ක විසින් එම පුද්ගලයා නවාතැන්පොළේ නොමැති බව මැර පිරිසට පැවසූවද ඔවුන් නැවත නැවතත් ධනුෂ්කට පහරදී තිබේ.
ප්‍රථමයෙන් එක් අයෙකු පමණක් නිවස ඇතුළට පැමිණ ප්‍රශ්න කර ඇති අතර පහරදීමේ දී තවත් දෙදෙනකු නිවසේ එළියේ සිට පැමිණ නිවසෙහි තිබූ පුටුවකින් ඔහුගේ හිසට දරුණු ලෙස ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඔහුට පහරදීමට නිවස තුළට පසුව ආ පුද්ගලයින් මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී නාලිකාව සේවය කරන අය බවට ධනුෂ්ක විසින් හඳුනාගෙන ඇත.
එම දර්ශන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.
