ෆොන්සේකා සජිත්ට ගහන්නේ ජනාධිපති අපේක්ෂකකම නුදුන් නිසාලු
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව විවේචනය කරණ ලද්දේ, ෆොන්සේකා ඉල්ලා සිටි පරිදි ජනාධිපති අපේක්ෂකත්වය ලබානොදීම නිසා බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් අනාවරණය කරයි.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ෆොන්සේකා ඉදිරිපත් වීමට බලාපොරොත්තුවූ බවද ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ හැටන් වැලිඔය ප්‍රදේශයේ ඊයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.
දිගම්බරම් කියාසිටියේ ෆොන්සේකා තමන් නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයන් විවේචනය කළ පුද්ගලයකු බවයි.
හමුදා මානසිකත්වයක් ඇති ෆොන්සේකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කඳවුරට එක්වීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ෆොන්සේකා සජිත්ට ගහන්නේ ජනාධිපති අපේක්ෂකකම නුදුන් නිසාලු
2024-06-22T10:58:00+05:30
Gossip Lanka Hot News






