එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂකයා ව්‍යාපාරික ධම්මික පෙරේරා බවත් අගමැති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවද හිටපු තානාපති උදයංග වීරතුංග සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය එළඹෙන මස දෙවැනි සතියට පෙරාතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් නිල වශයෙන් ප්‍රසිද්ධ කරන බවද හිටපු තානාපති උදයංග වීරතුංග සදහන් කරයි.
තවද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිසේත්ම පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නොවන බවත් අපේක්ෂකයා පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයකු බවද උදයංග වීරතුංග සදහන් කරයි.
පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පක්ෂ අභ්‍යන්තරය මේ වන විටත් තීරණය කර ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උදයංග වීරතුංග මේ බව සදහන් කරයි.
මේ අතර පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීමට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ආණ්ඩුවට සහාය දැක්වීමට සූදානම් බව වාර්තා වේ.