gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නලීන් බණ්ඩාරගේ ජීප් රථයේ යතුරුපැදි කරුවෙක් ගැටී රෝහලේ!

අද( 3 ) අලුයම කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර ගමන් ගත් ජිප් රථය යතුරුපැදිය ගැටී යතුරුපැදිකරු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව  පොලිසිය පවසයි.

පොලීසිය පැවසූවේ මෙම අනතුරින් මන්ත්‍රිවරයාට හෝ ජීප් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදිකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි.

වැසි තත්වයත් සමඟ තිරිංග යෙදීමේදී ජීප් රථය පාලනයෙන් ගිලිහී ලිස්සා යෑමෙන් යතුරුපැදියේ ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මන්ත්‍රීවරයා රැගත් රථය  මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරනා අතරතුර මෙම අණතුර සිදුව ඇති බව සඳහන්.

නිට්ටඹුව  පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka