මධ්‍යස්ථව, දේශපාලඥයින්ගේ අතකොලුවක් නොවී, අවංකව, විනිවිද භාවයෙන් යුතුව, නොබියව කටයුතු කරන බෞද්ධ නායකයෙක් රටට අවශ්‍ය වී ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
එම හිමියන් සඳහන් කළේ, ඒ අනුව බෞද්ධ නායකයෙක් ගොඩනැගීම සඳහා ආරම්භ කරන වැඩ කටයුත්ත කුමන බාධක පැමිණියද ඉදිරියට ගමන් කරන බවයි.
එමෙන්ම තමන් රනිල් සමඟ කටයුතු කරන්නේ 80 ගණන්වල සිට බවත්, ඔහුගේ සැලකිල්ල අදටත් තමන්ට ඇති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග ඔබ වහන්සේලා සිටින්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
