මෙන්න තවත් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්! මිනිස්සුන්ට බදු පිට බදු ගහන ආණ්ඩුව ඇතුළේ ඇමැතිවරු රාජ්‍ය බැංකුවලට කෝටි 65000ක් පොලු තියලලු!
බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (17) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෝමාගම ආසනයේ ජනහමුවකට සහභාගි වෙමින් එසේ පැවසීය.
ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු හිටපු අමාත්‍යවරු රාජ්‍ය බැංකුවලට රුපියල් කෝටි 65000කට වැඩි මුදලක් පොලු තියා ඇති බවත් ඒ හේතුවෙන් සාමාන්‍ය රටේ පුරවැසියන්ට බැංකු ණයක් ගැනීමට ද නොහැකිව ඇති බවත් ඒ මහතා කී බව ලංකාදීප පුවත්පත වාර්තා කොට තිබේ.
ආණ්ඩුව සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරමින් බදු අය කර ඉදිරියේදී තවත් බදු වර්ග දෙකක් ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
මෙන්න තවත් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්! මිනිස්සුන්ට බදු පිට බදු ගහන ආණ්ඩුව ඇතුළේ ඇමැතිවරු රාජ්‍ය බැංකුවලට කෝටි 65000ක් පොලු තියලලු!
2024-06-17T19:53:00+05:30
Gossip Lanka Hot News






