ජනපති ඉදිරියේ තවත් අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි!
මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී මෙලෙස දිවුරුම් දුන් බවයි.
ඔහු මේ වන්විට පාර්ලිමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සහ, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ නියෝජිතයෙක් ලෙසද කටයුතු කරනා අතර එස්. වියාලේන්ද්‍රන් මහතා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
ජනපති ඉදිරියේ තවත් අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි!
2024-06-24T10:37:00+05:30
Gossip Lanka Hot News





