gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිනිස් සිරුරේ මස් කන බැක්ටීරියාව රටට ඇතුළුවීම වැලැක්වීමට අවශ්‍ය අවේෂණ ශක්තිමත් කරන්න… GMOA රජයෙන් ඉල්ලයි!

ජපානයේ සහ ඔස්ට්‍රේලියාවේ පැතිරෙමින් ඇති ශරීරය ඛාදනය කරන මාරාන්තික බැක්ටීරියාව මෙරටට ඇතුලු වීමට තිබෙන මාර්ගයන් වන ගුවන් තොටුපල සහ වරාය පිවිසුම් මාර්ගයන් මගින් අවදානමට පත්ව තිබෙන රටවල්වල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් පිලිබඳව වඩාත් සැලකිල්ලක් දැක්වීමටත් යම් රෝග ලක්ෂණයන් සහිත පුද්ගලයින් පරික්ෂාවට ලක්කිරීමටත් අවශ්‍ය ආවේෂණ කටයුතු ශක්තිමත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලිමක් කරයි.

නිවැරදි තීන්දු තීරණයන් නිවැරදි වේලාවට ගැනීමෙන් ආසාදන තත්ත්වයන් වලක්වා ගත හැකි බව සංගමයේ  මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   සoහන් කරයි.

මේ වන විට ඔිස්ට්‍රේලියාවේ සහ ජපානයේ පැතිර යන මාරාන්තික බැක්ටීරියාව යම් හේතුවකින් මෙරටට පැමිණියහොත් කොන්දේසි විරහිතව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රතිපාදනයන් ලබා දීමට රජය කටයුතු කළ යුතුයැයිද සංගමය අවධාරණය කරයි.

ඖෂධ අවශ්‍ය වුවහොත් හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ හැක්කේ මෙවැනි අවස්ථාවකදී බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කළ හැකි බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  පැවසුවේය.

කෙසේ නමුත් මේ වන තෙක් අප රට තුළට මෙම බැක්ටිරියා ආසදනයේ බලපෑමක් සිදුව නොමැති බැවින් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවද  හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන උපදෙස් හා මාර්ග උපදේශයන් පිලිබඳව අවධානයෙන් පසුවන ලෙසත් අනවශ්‍ය කලබලවීමක් අවශ්‍ය නොවන බවත් සංගමය ජනතාවට විශේසයෙන්ම දැනුම් දී සිටියි.

- ශ්‍රියානි විජේසිංහ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka