කෙහෙළිය යළිත් රිමාන්ඩ් – නීතිපති ඔහු වෙනුවෙන් පෙනී නොසිටින බවත් දන්වයි!
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමැතිවරයා පසුගිය පෙබරවාරි මස 2වැනිදා අත්අඩංගුවට ගැනිණි.
ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසිනි.
කෙහෙළිය සමග රිමාන්ඩ් භාරයේ සිටින අදාළ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් හත් දෙනාද තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මේ අතර, ලියාපදිංචි නොකළ බව කියන සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.
කෙහෙළිය යළිත් රිමාන්ඩ් – නීතිපති ඔහු වෙනුවෙන් පෙනී නොසිටින බවත් දන්වයි!
2024-06-14T21:10:00+05:30
Gossip Lanka Hot News





