වැලිකඩ ගිය හිරුණිකා සාමාන්‍ය වාට්ටුවකට!
බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සදහන් කරයි.
ඊයේ (28) දින පස්වරුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනවිත් අවශ්‍ය ලිපිලේඛණ කටයුතු කර වාට්ටුවකට යොමු කළ බවත් ඇය කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විශේෂ ඉල්ලීමක් නොකළ බවත් ඇය විශේෂ වාට්ටුවක රැඳවීමේ අවශ්‍යතාවක් මේ දක්වා පැන නැගී නොමැති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සදහන් කරයි.
තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
වැලිකඩ ගිය හිරුණිකා සාමාන්‍ය වාට්ටුවකට!
2024-06-29T06:51:00+05:30
Gossip Lanka Hot News






