හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇය වෙනුවෙනු පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ තීරණය කර ඇත.
ඇය වෙනුවෙනු පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ සදහන් කළේ, විත්තිකාරියට වයස අවුරුදු තුන හතර සහ පහ යන වයස්වල කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බැවින් ඇය සිරගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවයි.
කෙසේ වෙතත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා සදහන් කළේ, විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18කට වරදකාරිය කරන බවත් එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවයි.
හිරුණිකා තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීමේ චෝදනාවලට වරදකරු කරන බවත් ඒ සදහා බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරන බවද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා සදහන් කළේය.