gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල් හංසයාගෙන් එනවාට පොහොට්ටුවන් විරුද්ද වෙයි... වෙන ලකුණක් ඉල්ලයි!

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණෙන් ඉදිරිපත් නොවිය යුතු බවට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් විසින් යෝජනා කර ඇත.

ඒ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලදී පැවති හමුවකදීය.

2010 වසරේදී සරත් ෆොන්සේකා මහතාත් 2015 වසරේදිත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් හංසයා ලකුණින් තරග වැදුණු නිසා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයාට හංසයා ලකුණ ගැන නරක අදහසක් ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

එනිසා සියලු දෙනාම එකඟවෙන වෙනත් ලකුණකින් ජනාධිපතිවරණයට තරග කරන ලෙසද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර දැනුම් දී ඇත්තේ තවත් සති දෙකකින් යළි සාකච්ඡා කරන බවය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka