gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුමින්දලාගේ බළලා මල්ලෙන් එළියට පනී – ශ්‍රීලනිපය රනිල්ට හේත්තු කරන බව කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කොළඹ ඊයේ (06) පැවති ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.

එහෙත් ඉදිරි ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක්දැයි පිළිබඳව පක්ෂය තවමත් අවසාන තීරණයකට පැමිණ නැතැයිද ලේකම්වරයා කීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලුම ප්‍රශ්න අවසන් කරගෙන ඇති බව පැවසූ ලේකම්වරයා, ගම් මට්ටමේ සිට පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වෙමින් සිටින බවද පැවැසීය.

මේ වන විට නොයෙකුත් සන්ධාන බිහිවෙමින් තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව විශාලම සන්ධානය ගොඩනගාගෙන ඇතැයි කී දිසානායක, විශාලම සන්ධාන බිහිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීර්ඝ ඉතිහාසයක් ඇති හෙයින් එය අලුත් දෙයක් නොවන බවද කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර ඇති අතර, එහි වැඩ බලන සභාපති වැඩබලන ලේකම් ධූරය සඳහා මේ වන විට අධිකරණය මගින් දිගින් දිගටම වාරණ නියෝග ය පනවා ඇතැයිද හෙතෙම කීය.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා නව නිලධාරි මණ්ඩලයක් පත්කරගෙන ඇති බවත්, ඒ අනුව වැඩබලන සභාපතිවරයා ලෙස ඇමැති නිමල් සිරිපාද සිල්වා කටයුතු කරන බවත් ඔහු කීය.

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථනයේ පැවැති ජනමාධ්‍ය හමුවේදී ලේකම්වරයා මෙම අදහස් දැක්වීය.(ලංකාදීප)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka