gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දෙට ලෑස්ති වෙන්න! රජයේ මුද්‍රණාලයට-තැපැල් දෙපාර්තමේන්තුවට-පොලිසියට-CTB එකට-විදුලිබල මණ්ඩලයට-ජල සම්පාදන මණ්ඩලය ඇතුලු සියලු ආයතනවලට මැතිවරණ කොමිසම ලිඛිතවම දැනුම් දෙයි!

ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට, පොලිස් දෙපාර්තමේන්තුවට, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට ලිඛිතව දැනුම් දීමක් කර තිබේ.
රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු මැතිවරණයේදී සේවා ලබාගන්නා සෑම රාජ්‍ය ආයතනයකටම එම ලිඛිත දැනුම්දීම කළ බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවැසීය.

මේ අතර සභාපතිවරයා සඳහන් කළේ ජූලි මස 15 වැනිදායින් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට 2024 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගන්නා බවයි.

2024 ඡන්ද හිමි නාමලේඛනය ජූලි මස 15 වැනිදා වන විට සහතික කිරීමට අපේක්ෂා කරන බවද රත්නායක මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ විධිවිධානවලට අනුව ලබන සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16 වැනි දිනත් අතර කාලය ඇතුළතදී ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කීවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka