රනිල්ට රංගෙව UNP මහලේකම්කමින් අයින් කර රවීව ගේන්න ඕන වුණා! ඉතින් රනිල් රංගෙට ලණුව දුන්නා! රංගේ ලණුව කෑවා! දැන් යූඑන්පීකාරයන්ට පාරෙ බැහැලාවත් යන්න බැරිවෙලා!
මැතිවරණ කල් දැමිය යුතු බවට රංගෙ බණ්ඩාර ලවා ජනාධිපතිවරයා කියෙව්වේ රංගෙ එජාප මහ ලේකම් ධුරයෙන් ඉවත් කරන්නට පොටක් පාදා ගැනීමට යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
දැන් රංගෙ බණ්ඩාරට එක්සත් ජාතික පක්ෂය ඇතුලෙන්ම ලොකු විරෝධයක් පැමිණ තිබෙන බව කී රහුමාන් මහතා එය රනිල් වික්‍රමසිංහට කරගන්න බැරිව සිටි දෙයක් යැයිද කීය.
“රංගෙට ලණුව දුන්නාම ඔහු ලණුව කෑවා. දැන් ඔහු මහලේකම් ධුරයෙන් ඉවත් කරන්නට එජාපය ඇතුලේ පසුබිම හැදී තිබෙනවා. රවී කරුනානායක එජාප මහ ලේකම් ධුරයට ගේන්න යනවා. මහ ලේකම්ගේ ප්‍රකාශය නිසා යූඑන්පී කාරයන්ටත් පාරේ යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා යැයි මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
රනිල්ට රංගෙව UNP මහලේකම්කමින් අයින් කර රවීව ගේන්න ඕන වුණා! ඉතින් රනිල් රංගෙට ලණුව දුන්නා! රංගේ ලණුව කෑවා! දැන් යූඑන්පීකාරයන්ට පාරෙ බැහැලාවත් යන්න බැරිවෙලා!
2024-05-31T23:07:00+05:30
Gossip Lanka Hot News