මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස අසල ඔත්තු බැලුවේ යැයි කියන සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු ගල්කිස්ස පොලිස් කොට්ඨාශය වෙතට මාරු කර ඇතැයි “ලංකා සී නිවුස්” වාර්තා කර තිබේ. එම පැමිණිල්ල සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් මෙතෙක් කරන ලද විමර්ශන කටයුතු ඒ අනුව ඉදිරියේදී ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් සිදු කිරීමට නියමිතව ඇති බව පැවසේ.
චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස පිහිටි නිවාස සංකීර්ණය ඉදිරියේ සැක කටයුතු ලෙස තොරතුරු රැස් කළේ යැයි කියන දෙදෙනෙකු සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.
අදාල පුද්ගලයන් දෙදෙනාම එම නිවාසංකීර්ණයේ ආරක්ෂකයන්ගේ පින්තූර ද ගෙන ඇත.
ස්ථානයට පොලිසියට පැමිණීමත් සමග ඔවුන් එතනින් පලා ගොස් තිබේ.
