චමුදිතගේ නිවස පිහිටි නිවාස සංකීර්ණයට සැකකටයුතු දෙන්නෙක් මහ රෑ බලෙන් ඇතුළු වෙන්න හදලා!
විවිධ තර්ජනයන්ට ලක්වෙමින් සිටින මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වාසය කරන පිලියන්දල කේම්බ්‍රිජ් කෝට් නිවාස සංකිර්්ණයට ඊයේ (20) රාත්‍රියේ ඇතුළුවීමට හැදූ නාඳුනන යතුරුපැදිකරුවෙක් සහ පසු පැදිකරුවෙක් සම්බන්ධව පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
බලහත්කාරයෙන් නිවාස සංකීර්ණයට යතුරුපැදිය ඇතුළු කිරීමට කළ උත්සාහයක් ආරක්ෂක අංශ විසින් වළක්වා ගැනීමට කළ උත්සාහය ව්‍යවර්ථ වූ තැන වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ චමුදිතට ලබා දී ඇති පොලිස් රැකවරණයේ සිටි පොලිස් නිලධාරීන්ට ආරක්ෂක අංශය මේ බව දැනුම් දී ඇත.
පොලිසිය එම ස්ථානයට යන විට එරෙහි වූ ආරක්ෂක නිලධාරියා ගේ ඡායාරූපයකුත් රැගෙන පැදිකරුවන් පලාගොස් ඇතැයි පැවසේ.
පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-lankasara
චමුදිතගේ නිවස පිහිටි නිවාස සංකීර්ණයට සැකකටයුතු දෙන්නෙක් මහ රෑ බලෙන් ඇතුළු වෙන්න හදලා!
2024-06-21T18:48:00+05:30
Gossip Lanka Hot News





