‘කුසලාන සිහිනය ඉවරයි.. කණපිට ගැසිය යුතුයි..’ සිංහ පැටවුන්ට අලි සබිරිගෙන් යෝකරයක්..
ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායමේ 20-20 ලෝක කුසලාන බලාපොරොත්තුව සුන්වීම කණගාටුවට කරුණක් බව විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. ක‍්‍රිකට් ක්ෂේත්‍රයේ මුල් බැසගත් ගැටලු ඇති බවත් ඒවාට තව තාවකාලික විසඳුම් ලබා දීමෙන් ප‍්‍රතිඵලයක් නැති බවත් ඔහු කියා සිටී.
ක්‍රිකට් ක්‍රීඩාව පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කළ අයගේ පාලනයෙන් එය ඉවත්කර වෘත්තීය ප්‍රවේශයක් ගත යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
ක‍්‍රිකට් ක්‍රීඩාව සඳහා හදිසි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවද හෙතෙම තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා ඇත.
අලි සබ්රි මහතා ක්‍රිකට් ක්‍රීඩාවෙ තත්ත්වය සොයා බැලීමට පත්කළ කැබිනට් අනුකමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
‘කුසලාන සිහිනය ඉවරයි.. කණපිට ගැසිය යුතුයි..’ සිංහ පැටවුන්ට අලි සබිරිගෙන් යෝකරයක්..
2024-06-08T19:03:00+05:30
Gossip Lanka Hot News






