gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකට කඩුවකින් කොටා දෙපළ කොල්ල කෑ “ස්පා කණ්ඩායමක්” ගැන කෑගල්ල පොලිසිය සෙවිල්ලෙන්!

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ද කටයුතු කළ කෑගල්ල හිරිවඩුන්න රන්දෙණිය ප්‍රදේශයේ පිහිටි ගඟ අද්දර හෝටලය හිමිකාර ඩබ්ලියු.ටි.ජේ අරවින්ද නැමැති අයට ඊයේ අලුයම හෝටලයට කඩා වැදුන මැරයින් තිදෙනෙක් කඩුවකින් කොටා මුදල් සහ දේපල කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධව කෑගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම පුද්ගලයා නිදාගෙන සිටි කාමරයේ දොර කඩා මුදලින් රුපියල් එකොලොස් දහසක්, ලැප්ටොප් පරිගණක දෙකක්, සහ හාර්ඩ් ඩිස්ක් එකක් කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇත.

පොලිසිය පවසන්නේ මෙම ප්‍රහාරය පසුපස එම හෝටල් පරිශ්‍රයේම සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පිරිසක් සම්බන්ධව සැක පහළ වී ඇති බවය.

මෙම සම්බාහන මධ්‍යස්ථානයට ප්‍රදේශවාසීන් විසින් දැක්වූ දැඩි විරෝධය මත එය නැවැත්වීමට හෝටල් හිමිකරු කටයුතු කළ නිසා එය පවත්වාගෙන ගිය පිරිස් ඔහු සමග දැඩි ලෙස උරණ වී සිටි ඇත.

කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka