gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විජේදාස ජනාධිපති අපේක්‍ෂක ස්ථිරයි.. නව සන්ධානයක්ද හදයි..

අධිකරණය හරහා විසඳුමක් නොලැබුණහොත් නව සන්ධානයක් යටතේ නව ලකුණකින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උභා උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂණ පියදාස මහතා සඳහන් කරන්නේ දිගින් දිගටම වාරණ පැන වුවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපතිවරයා ලෙස පත්කිරීමේ උත්සාහය අත් නොහරින බවය.

එසේ නොහැකි වුවහොත් නව සන්ධානයකින් විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කරවන බවත් මහාචාර්යවරයා පැවසීය.

මේ ම්බන්ධයෙන් තීරණයක් නොබෝ දිනෙකින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බවද ද පවසන ඔහු නව සන්ධානයක් පිහිටුවීමේ සැලසුම් දැනටමත් සකස් කරමින් ඇති බවත් තවදුරටත් කියා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka