gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු උපදේශකයෙක් ක්‍රිකට් ආයතනයේ මුදල් කෝටි ගණන් යොදවා තරුණ ඡන්ද දිනා දෙන්න ජනපති රනිල්ගේ ඉලෙක්ෂන් කැම්පේන් එකක!

ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහය ලබමින් තැන තැන ක්‍රිකට් පුහුණු කඳවුරු පවත්වමින් ලක්ෂ ගණන් ක්‍රිකට් භාණ්ඩ බෙදා හරින අලුතින් පිහිටුවා ගත් අපූරු ක්‍රීඩා සමාජයක් ගැන ලංකාසරට වාර්තා වේ. ක්‍රිකට් ආයතනයේ කිසිදු ලියාපදිංචියකින් හෝ අනුබද්ධතාවකින් තොරව යුනයිටඩ් යනුවෙන් පිහිටුවාගෙන ඇති මෙම ක්‍රීඩා සමාජයේ සභාපති වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ක්‍රිකට් ආයතනයේ කලක් උපදේශකයකු ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රසේකරය.

තරුණ කටයුතු පිළිබඳ සංවිධානයක් පිහිටුවා ජනාධිපතිවරයාට ඒ මගින් සමීප සබඳතාවක් ගොඩ නංවා ගැනීමට උත්සාහ කරන මොහු ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් මේ දිනවල මැතිවරණ ව්‍යාපාරයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

තැන් තැන් වල පවත්වන පුහුණු කඳවුරු සඳහා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් ගෙන්වා ගනු ලබන අතර ක්‍රිකට් ආයතනයේ සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි ලවා බෝලිං මෙෂීන්, මැටින්, ක්‍රිකට් භාණ්ඩ ගෙන්වා නොමිලේ බෙදා දෙනු ලබයි.

මෙය ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ අංගයක් ලෙස සුදත් චන්ද්‍රසේකර සිදු කරන අතර ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ මුදල් කෝටි ගණනක් හොර රහසේ වියදම් කිරීමද සිදු කෙරේ.
-lankasara
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka