gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා දෙගිඩියාවෙන් ඉන්නේ..

‘රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා දෙගිඩියාවෙන් මිනිස්සු බලාගෙන ඉන්නේ. ඉදිරිපත් වෙනවා කිව්වොත් ඔක්කොම ගැලවිලා එනවා මේ පැත්තට’ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වැල් පාලමෙන් එගොඩ විය හැක්කේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් පමණක් බවයි.

එය ඉදිරියට ගෙනයාමට අලුත් අයෙකු අවශ්‍ය නැති බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත ජනාධිපති කිරීමෙන් පවතින තත්ත්වය ඉදිරියට ගෙනගොස් රට ආර්ථික අර්බුදයෙන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට හැකි වනු ඇති බවත් ඇමතිවරයා කියයි.

සමගි ජන බලවේගයේ මෙන්ම ජාතික ජන බලවේගයේ නායකයන්ද ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැක්කේ වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් බව වක්‍රව පිළිගෙන ඇති බවත් රට හමුවේ පවතින්නේ අත්හදා බැලීමකට සුදුසු තත්ත්වයක් නොවන නිසා රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති කිරීම හැර වෙනත් විකල්පයක් රටට නැති බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද (16) දින පැවැති රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

එහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාට යොමුකළ ප්‍රශ්න හා ඊට ඔහු ලබා දුන් පිළිතුරු මෙසේයි.

ප්‍රශ්නය – ඇමතිතුමා මැතිවරණයක් තියෙනවද?

පිළිතුර – ඔව් අනිවාර්යයෙන්ම මැතිවරණයක් තියන්න ඕනි. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මේ අවුරුද්දේ තියන්න වෙනවා.

ප්‍රශ්නය – අපිට පේන්නේ මැතිවරණයක් නෑ වගේනේ. බොරුවක් රගපෑමක්ද මේ සිදු වෙන්නේ.

පිළිතුර – මේ රටේම වෙලා තියෙන්නේ ඕක. බොරුවනේ රජ කරන්න හදන්නේ. සමහර දේශපාලන පක්ෂ බොරුව කරගෙන රටේ ලෝක⁣ය පුරා ඇවිද ඇවිද ⁣මිනිස්සුන්ට බොරු ලණු දීලා අලුත් චිත්‍රවල් මවා පානවා. ඒක තමයි මේ රටේ හැමදාම වෙන්නේ. ඒකයි මේ රට ආපස්සට ගිහින් තියෙන්නේ.

ප්‍රශ්නය – පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද?
පිළිතුර – පොහොට්ටුව ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක්⁣⁣ට උදව් කරන්න සුදානමින් සිටිනවා.

ප්‍රශ්නය – ඒ කවුද ?

පිළිතුර – මම මීට පෙරත් කිව්වා. පෞද්ගලිකවම මම නම් කැමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වෙනවා නම්. ඔහුට අත්දැකීම්, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා. ඒ ඔක්කෝටම වඩා මේ කෙටි කාලය තුළ රටට යමක් කළා. මිනිස්සු අභියෝග භාර ගන්න බය වෙලාවේ ඔහු අභියෝගය භාරගෙන කටයුතු කළා. මම මගේ ප්‍රකාශය කළේ රට ගැන හිතලයි. මම හිතනවා මේ වෙලාවේ රටට ගැලපෙන නායකයා එතුමා කියලා.

ප්‍රශ්නය – පොහෙට්ටුවේ සමහරක් කැමැති නෑනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට?

පිළිතුර – එහෙම තමයි. මහින්ද මහත්යා ඉන්නකොටත් අර්බුද තිබුණා. ප්‍රේමදාස ඉල්ලනකොටත්, ජේ.ආර්. ඉල්ලනකොටත් අර්බුද තිබුණා. දේශපාලනයේදී අපි හැමෝටම කැමැති නෑනේ. ඒ ඒ කැමැති මිනිස්සු ඉන්නවා. මම ඉස්සර රනිල් වික්‍රමසිංහ මහත්තයාට කැමැති කෙනෙක් නෙමෙයිනේ. ඒත් කරන්න දෙයක් නෑ. වෙලාවේ හැටියට රට ගැන හිතලා තීන්දු ගන්න වෙනවා.

ප්‍රශ්නය – රටේ තියෙන තත්ත්වයත් එක්ක පොහොට්ටුවේ ජනාධිපති සටනට ඉදිරිපත් කරන්න කෙනෙක් නෑනේ?

පිළිතුර – සුදුසුම කෙනා මේ වෙලාවේ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් ජයග්‍රහණය කරයි කියලා හිතනවද?

පිළිතුර –  ඔහු ඉදිරිපත් වෙනවද නැද්ද කියලා දෙගිඩියාවෙන් මිනිස්සු බලාගෙන ඉන්නේ. එතුමා ඉදිරිපත් වෙනවා කිව්වොත් ඔක්කොම ගැලවිලා එනවා මේ පැත්තට.

ප්‍රශ්නය – ඔබතුමා කියන්නේ මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලද?

පිළිතුර – ඉතිහාසයේ ඉදන් ජනාධිපතිවරු පත් වුණේ ස්ථිර කාරණාවක් හේතු කරගෙනයි. මහින්ද මහත්තයා පත්කර ගත්තේ යුද්ධය දිනවන්න. ගෝඨාභය මහත්තයා ගෙනාවේ ජාතික ආරක්ෂාවට. මේ වෙලාවේ මේ රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක්. මේ අර්බුදයට දෙගොල්ලේ වාද විවාද කරන්න සාකච්ඡා කළා. ඒවගෙන් පැනලා ගියා කියනවා. බලන්නකෝ මුහුණු පොතේ දෙගොල්ලෝ ගහ ගන්න හැටි. ක්‍රියාවෙන් ඔප්පු කරපු කෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා සමඟ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණය ගැන සාකච්ඡා කරලා තියෙනවද?

පිළිතුර – මම නම් දන්නේ නෑ.

ප්‍රශ්නය – ඉගියක්වත් නැද්ද. එතුමත් එකතු වෙලා ඉන්නවා කියන්නේ ජනාධිපතිතුමත් එක්ක.

පිළිතුර – අනුර කුමාර මහත්තයා පසුගිය යහපාලන කාලයේ අරලියගහ මන්දිරය ඇතුලේ තමයි වැඩ කලේ. දූෂණ විරෝධී කමිටුවේ හිටියේ එතුමගේ ලේකම්තුමා. ඒ සම්බන්ධතා මොන විදියට තියෙනවද කියලා අපි නම් දන්නේ නෑ.

ප්‍රශ්නය – විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් තියලා පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශාල වශයෙන් චෝදනා එල්ල කලා.

පිළිතුර – පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ඒබ්‍රහම් කියන කෙනා හා ඔහුගේ දරුවෝ ටික. එතකොට මේ පරීක්ෂණ වෙනත් අතකට හැරපු මිනිස්සු පොලිසියේ නිලධාරීන්, ශානිලා හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ. එතකොට මේ රටේ මිනිස්සුන්ට සැකයක් ඇවිල්ලා තියෙනවා මීගමුවේ හිටපු පොලිස් අධිකාරිවරයා වේදිකාවේ නැග්ගා ඔය සිද්ධිය වෙනකොට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විරුද්ධව මතයක් හදන්න. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව එලවන්නත් ඒ හරහා ගෝඨාභය රාජපක්ෂ මහත්යා එලවන්නත් කරපු කුමන්ත්‍රණයක්ද කියලා මිනිස්සු කතා වෙනවා.

ප්‍රශ්නය – නීතියක් ක්‍රියාත්මක කරන්නකෝ, තියෙන්නේ ඔබතුමන්ලාගේ ආණ්ඩුවනේ?

පිළිතුර – ඒකනේ ජනාධිපතිතුමා කමිටුවක් පත් කරලා පරීක්ෂණයක් කරන්න ලැහැත්ති කරලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය බලන්න 88/89 කාලයේ මිනිස්සු මරලා අර්බුදයකට ගෙනියන්න කටයුතු කරපු විදිය මතක් වෙන්න ඕනි. 83 කළු ජූලිය ගෙනල්ලා දමිල මිනිස්සුන්ව සංහාරනය කරලා මරලා දාලා කටයුතු කරපු විදිය. ඒ අය හැමදාම සැලසුම් සහගතව බලය ගන්න නොයෙකුත් ක්‍රම පාවිච්චි කරපු අයයි. මම දන්නේ නෑ කාදිනල් උන්වහන්සේ මොනවගේ ස්ථාවරයක ඉන්නවද කියලා. උන්වහන්සේත් කල්පනා කරන්න ඕනි මේ දැන් මොකක්ද වෙන්නේ කියලා. කතෝලික ජනතාව දැන් කල්පනා කරන්න ඕනි මේක කරේ කවුද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අය. මේ පරීක්ෂණ කරලා නොමඟ යැවූ අය හා අදාල අය කොයි වේදිකාවේ ද නැගලා ඉන්නේ කියලා කල්පනා කරන්න ඕනි. එහෙනම් මේ රටේ අනාගතයට වෙන්නේ මොකක්ද කියලා කල්පනා කරන්න ඕනි.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණට මෙච්චර කල් ආණ්ඩුවක් කරගන්න බැරි වෙච්ච එකේ පොඩ්ඩක් දීලා බැලුවොත් මොකද අවුරුදු 5ක් කරගෙන යන්න කියලා?

පිළිතුර – 88/89 කාලයේ නීතිය ගමට ගෙනාවා මතක ඇතිනේ බෙල්ලවල් කපලා මිනී මරපු හැටි. මේ වෙලාවේ රටේ ආර්ථිකය කඩන් වැටිලා මිනිස්සු ගැටළුවක මුහුණ දිලා ඉන්න වෙලාවේ තවත් අත්හදා බැලීම් කරන්න ගිහින් ඉල්ලන් කනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනි. මේ රටේ බුද්ධිමත් හා වැදගත් මිනිස්සු කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු වැඩපිළිවෙළ ගෙනියන්න ඕනි කියලා. හැබැයි ඒකම හර්ෂත් කියනවා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාරත් කියනවා මේ වැල් පාලමෙන් එගොඩ වෙනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ කියලා. එහෙනම් අත්හදා බලන්න කාලයක් නෙමෙයි මේ. ඒක නිසා මේක මේ විදියට වෙන්න ඕනි කියලා මම හිතන්නේ.

ප්‍රශ්නය – ඒ අය ඉල්ලන්නේ රට හදන්නනේ?

පිළිතුර – රට හදන්න ඔවුන්ට තියෙන අත්දැකීම් මොනවද? තිස්සමහාරාමය දුන්නා ඉල්ලන් කෑවා. මිනි මරලා බලය ගන්න බොරු කියන මිනිස්සු ඔවුන් කියපු බොරු සමාජ මාධ්‍ය ඔස්සේ දකිනවා. කාර් ගන කියපුවා, අපේ ආණ්ඩුව ගැන කියපු ඒවා කොයි තරම් බොරුද කියලා දැන් එනවනේ. ඒ අයගේ පිටිපස්සේ යන වහල්ලු ටිකක්. වහල්ලු ටිකක් ඒ වෙනුවෙන් පෙනී සිටියට මේ රටේ බුද්ධිමත් මිනිස්සු අවබෝධයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණයි මාලිමාවයි කියන්නේ දෙකම එකයි කියලා.

ප්‍රදීප් අනුර කුමාර

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka