කුසල්ට වීසා පරක්කු වුනේ ලංකාව කවුරුත් ගණන් ගන්නැති නිසා - අනුර
අද වන විට ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව අඩු සැලකිල්ලට ලක්ව ඇති රටක් බව ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට ලෝක කුසලානයට සහභාගි වීමට ඇමරිකා වීසා ප්‍රමාද විමටද හේතුව එය බවත් ඔහු කියා සිටී.
ලෝකයේ කිසිදු රටක් ශ්‍රී ලංකාව ගැන සැලකිල්ලක් නොදක්වන බව ඉන් තහවුරු වන බවත් දිසානායක මහතා සඳහන් කළේය.
නිදහසේ ජීවත්වීමට අවස්ථාවක් නැතිකමෙන් සෑම තරුණයකුගේම අපේක්ෂාව රට හැරම විදෙස්ගත වීම බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ජාතික ජනබල වේගය ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
කුසල්ට වීසා පරක්කු වුනේ ලංකාව කවුරුත් ගණන් ගන්නැති නිසා - අනුර
2024-06-09T18:58:00+05:30
Gossip Lanka Hot News





