ලෙඩ නිවාඩු වාර්තා කරමින් හෙට (12) මධ්‍යම රාත්‍රි 12.00 සිට (13) වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු, චින්තක බණ්ඩාර සදහන් කරයි.
ඒ අනුව එළඹෙන (13) වනදා උදෑසන සිට දිවයින පුරා සියලුම තැපැල් කාර්යාල වසා දැමීමට කටයුතු කරන බවද එම පෙරමුණේ කැඳවුම්කරු, චින්තක බණ්ඩාර සදහන් කරයි.
කැඳවුම්කරු, චින්තක බණ්ඩාර තවදුරටත් සදහන් කළේ,
” තැපැල් දෙපාර්තමේන්තුව මේ වනවිට විශාල අර්බුදයකට ලක්වී තිබෙනවා. 2,000ක පමණ සේවක හිඟයක් ඇති වී තිබෙන නිසා වසර 4ක සිට උසස් වීම් සහ සේවක බඳවාගැනීම් සිදුවන්නේ නැහැ. මෙම හේතුව නිසා සේවකයන් හට විශාල පරිශ්‍රමයක් දරන්න වෙලා තිබෙනවා සේවය කිරීම සඳහා. පුරප්පාඩු නිසා ජනතාවට අත්‍යවශ්‍ය සේවා ලබාදීම අපහසුවී තිබෙනවා.”
