gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජල ගැලීම් නිම්න රක්ෂිතයට වැදුන නීති විරෝධී ගවගාල් හිමියන් තමගවයින් බේරගන්න රක්ෂිතයේ සිටින දුර්ලභ කොටි 05ක් මරන්න සැලසුම් කරලා!

දේශපාලකයින්ගේ මැදිහත්වීම නිසා කිසිම ගවගාල් හිමියෙක් ඉවත් කරන්න විදිහක් නෑ… වනජීවිය අන්ත අසරණයි… ජාතික වනෝද්‍යානයට ආසන්නව ගලා බසිනා මහවැලි ගඟ රක්ෂිතයේ මුතුගල, කරපොල ගඟට ආසන්න ගවගාල් හිමිකරුවන් විසින් ඔවුන්ගේ ගව පැටවුන් රැකගැනීමේ අරමුණින් පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන, ශ්‍රී ලංකාවට ආවේණික කොටියන් පස්දෙනෙකු ඝාතනය සඳහා කුමන්ත්‍රණය කරමින් ඇති බව ජලගැලීම් නිම් ජාතික වනෝද්‍යානය සුරැකීමේ සංවිධානයේ සභාපති ටී. තීපන්   සඳහන් කරයි.
කරපොළ, මුතුගල, සේනපුර, ඇතුළු මහවැලි ගඟ ආශ්‍රිතව විශාල ගවගාල් ප්‍රමාණයක් තිබෙන බවත්, එම ගවගාල්වල සිටින ගව පැටවුන් කෑමට කොටියන් හුරුවී සිටීම නිසා මෙම කොටින් පස් දෙනා ඝාතන සැලසුමක් ක්‍රියාත්මකවන බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බවත් ටී. තීපන්   මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් හෙළි කළේය.

එම ගවගාල්, ජලගැලීම ජාතික වනෝද්‍යානයේ මහවැලි ගඟ ආශ්‍රිතව පවත්වාගෙන යෑමට පොළොන්නරුවේ දේශපාලන  අධිකාරියේ ආශිර්වාද ලැබී ඇති බැවින්, ගවගාල් ඉවත් කිරීමට වනජීවී නිලධාරීන්ට අවස්ථා නොලැබෙන බව ඔහු පැවසුවේය.

අනවසරෙන් ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යයට ඇතුළු වී ගවගාල් පවත්වාගෙන යන අයවලුන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොළොන්නරුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන අධිකාරිය, ඉහළින් ලැබුණු උපදෙස් බවට පවසා වනජීවී නිලධාරීන්ට ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස දැනුම් දී ඇති බව ද  සභාපතිවරයා කීවේය.

අප මේ සම්බන්ධව වැලිකන්ද, කරපොළ, මුතුගල, සේනපුර, ප්‍රදේශය භාරව කටයුතු කරන වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, ගවගාල් හිමියන් විසින් දුර්ලභ ගණයේ කොටියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම පිළිබඳ තමන්ටත්  තොරතුරු ලැබී ඇති බවය.

ඒ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා දැනුවත් කර ඇති බවත් ඔහු පැවසුවේය.

ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ ගවයන් ඇති කරන ප්‍රදේශයේ කොටියන් සැරිසරා ඇති බවට තොරතුරු තමන් වෙත ලැබී ඇති බවත්, ප්‍රදේශයේ කළ නිරීක්ෂණයට අනුව මීට පෙර දුටු කුඩා සතුන් වර්තමානයේ දකින්නට නොමැති බවත්, ගව ගාල් විශාල ප්‍රමාණයක් ජාතික වනෝද්‍යාන තුළ පවත්වාගෙන යාම කොටින්ට මෙන්ම අනෙකුත් වන සතුන්ට තර්ජනයක් වී ඇති බවත් ඔහු කීවේය.

-මනම්පිටිය නිමල් ජයරත්න

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka