gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජය ඉල්ලුවොත් රුසියානු යුද්ධයේ කුලී හේවාකම් කරන ශ්‍රී ලාංකිකයින් සතියකින් රටට ගෙන්වනවා… උයදංග වීරතුංග !

රජය පාර්ශවයෙන් තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් දැනට රුසියාවේ හා යුක්රේනයේ කුළී හමුදාවන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වා දීමට තමන්ට හැකි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තාතාපති උදයංග වීරතුංග  පැවසිය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (12) මත්තල ගුවන් තොටුපොල පරිශ්‍රයේදී  මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු උදයංග වීරතුංග මේසේද පැවසීය.
අද වන විට ලංකාවේ හමුදා සෙබළුන් විවිධ රටවලට කුළී හමුදාවන් ලෙස සේවය කිරීමට යැවිම නිසා අකාලයේ ඔවුන්ගේ ජීවිත විනාශ වෙමින් තියෙනවා. ලංකාවේ හා පිට රට ඉන්න විවිධ ජාවාරම්කාරයන් එකතු වෙලා තමයි මේ ජාවාරම කරගෙන යන්නේ. මේ සඳහා ලංකා රජය වගේම නිළධාරීන්නුත්   වගකියන්න ඕනේ.
රුසියානු හා යුක්රේන රජය ඍජුව කුළී හමුදාවන් ගන්නේ නෑ. අතරමැදියන් හරහා තමයි කුළී හමුදාව ගන්නේ. ඒ කුළී හමුව සම්බන්ධයෙන් යුක්රේනය හෝ රුසියාව කිසිදු වගකිමක් ගන්නේ නෑ. එලෙස බඳවා ගන්නා කුළී හමුදාවන්ට කිසිදු පුහුණුවක් ලබා දෙන්නේ නෑ. ඒ අය කෙලින්ම යොමු කරන්නේ යුද්ධයේ ඉදිරි වළල්ලට. 

යුක්රේනයේ තානාපති වරයෙක් මා එක්ක කිව්වා ඉදිරි වළල්ලේ විදේශිකයන් 1500ක් විතර කුළී හමුදාවක් ඉන්නවා. ඒ අතර ශ්‍රී ලාංකික සෙබළුනුත් විශාල පිරිසක් ඉන්නවා. ඒ මැරුණ කෙනෙකුගේ බොඩි එකක්වත් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නෑ කිවුවා. 


රුසියාව හෝ යුක්රේනයේ හමුදාවට නීත්‍යනුකූලව බැඳෙන්න නම් ඒ රටේ පුරවැසියෙකු විය යුතුයි. මේ ආකාරයට බඳවා ගන්නා අය සම්බන්ධයෙන් ඒ රටවල් දෙකෙහිම කිසිදු වගකිමක් නෑ. ඒ නිසා මේක ජාවාරමක්. මේකට අහු වෙන්න එපා. මේක එක පැත්තකට ලැබෙන ටිකට් එකක් මිසක් මේකේ රිටන් ටිකට් එක්ක නෑ. මම තානාපති විදියට නම් කටයුතු කරන්නේ මට මේක විසඳන්න සතියක් වගේ යාවි.

මේ වෙනකොට යුද්ධයට ගිහින් අපේ ලාංකික සෙබළුන් 20කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙලා තියෙනවා. මෙය ඉතා දරුණු තත්වයක්. මේ වන විට තානාපති කාර්යාල මගින් මෙම සෙබළුවන් යළි දිවයිනට ගෙන්වා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පේන්න නෑ. මම රුසියාවේ හිටපු තානාපති වරයා ලෙස මගෙන් රජය පාර්ශවයෙන් යම් ඉල්ලීමක් කලොත් මේ සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වා ගැනීමට මට හැකියාව තියෙනවා.

මේක රුසියාවේ රජය සමග මැදිහත් වෙලා කතා කරලා දවසින් මේ ප්‍රශ්නය විසදන්න පුළුන්. හැබැයි එහෙම කරන්න තරම් නිළධාරියෙක් පේනතෙක් මානයකවත් නෑ. බලන්නකෝ තානාපතිවරු ඉන්නවා, ලේකම්වරු ඉන්නවා, තව තව නිළධාරීන් ඉන්නවා. කෝ මේ අය මොකද්ද කරන්නේ. මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් වගකීමෙන් කටයුතු කරන්නේ නෑ.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka