gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතියේ සරණ පතා එන කාන්තාවන්ට නිළ ඇඳුමේ බලය පෙන්වා අනියම් ඇසුරට පොළඹවන පොලිස් නිළධාරීන්ට වැඩ වරදී.. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ හොඳ වැඩක්

Lanka Hot News - අනියම් ඇසුරට ලොල් වී කාන්තාවන් හඹා යන පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් ගැන වාර්තා ලබාගෙන වහාම තනතුරුවලින් ඉවත් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම චෝදනා එල්ල වන නිලධාරීන් ගැන වහාම සොයා බලා එම නිලධාරීන් ගැන පොලිස් කොමිසම වෙත දැනුම් දීමට තීරණය කර තිබේ.

මේ වනවිටත් එවැනි අයථා සබඳතා පවත්වන ස්ථානාධිපතිවරුන් ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුම පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත.

පොලිසිය වෙත නීතියේ සරණ පතා එන කාන්තාවන් නිල ඇඳුමේ බලය පෙන්වා අනියම් ඇසුරට පොළඹවන පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් පොඩ්ඩන් ගැන ද බුද්ධි වාර්තා කැඳවීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

හමුදා සෙබළකුගේ නිවසට ගොස් බිරිඳ සමග නිදියහනේ සිටියදී අතටම හසුවී හමුදා සෙබළා එල්ල කළ මෝල්ගස් ප්‍රහාරයකින් අසාධ්‍ය තත්ත්වයේ සිටින පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අනියම් සබඳතා ගැන වූ පෙත්සම් හා පැමිණිලි ගැන ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයා එම මොහොතේම ක්‍රියාත්මක වූවා නම් පොලිස් නිල ඇඳුම අවමානයට ලක් නොවන බව පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.

එම චෝදනාව ලද නිලධාරියා වහාම එම තනතුරින් ඉවත් කර තිබුණා නම් මෙවැනි ඉරණමකට මුහුණ නොදෙන බවත්, පොලිසිය අපකීර්තියට පත් නොවන බවත් පොලිස්පතිවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත.

මින් ඉදිරියට මෙවැනි පැමිණිලි ලද විගස වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමටත්. පොලිස් කොමිසමට එවැනි නිලධාරීන් ගැන පැමිණිලි කර තනතුරුවලින් නෙරපීමටත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කර තිබේ.
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka