Sri Lankan මිලදී ගැනීමට සමාගම් 3ක් අවසන් වටයට... දේශීය සමාගම් දෙකක්ද ඒ අතර!
ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇති සමාගම් හයෙන් තුනක් කැබිනට් මණ්ඩලයේ මූලික තෝරාගැනීම් සඳහා යොමුකර ඇති බව වාර්තා වෙ.
මීට අමතරව, ශ්‍රීලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට අවසන් තරඟකරුවන් තිදෙනා අතරට ආසියාතික අඩු වියදම් ගුවන් සමාගමක් වන AirAsia ද සිටින බව පැවසේ.
මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලද රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින්ගෙන් ලංසු කැඳවූ අතර සමාගම් හයක් ඒ සඳහා ඉදිරිපත් විය.
එයාර් ඒෂියා, ෆිසට්ස් එයාර්, දර්ශන් එලයිට්ස් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස්, ෆිට්ස් එවියේෂන්ස්, ෂෙරිසා ටෙක්නොලොජීස් අනුබද්ධ සුප්‍රිම් සමාගම, ට්‍රෂෙර් රිපබ්ලික් ගාඩියන්ස් සමාගම සහ හේලිස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයෝජනය කිරීම සඳහා එකඟතාවය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම සමාගම් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කර ඇති ශක්‍යතා අධ්‍යයනය සහ නිර්දේශ සමාලෝචනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවරා ගැනීම සඳහා අවසන් වටයට සමාගම් තුනක් තෝරාගෙන ඇති බව වාර්තා වේ.
රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ජාතික ගුවන් සේවය සිය වර්ධනය සහ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා තවදුරටත් එම ගුවන් සේවය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට මුහුණ දී ඇති පසුබිමක ගුවන්සේවය ඉදිරියට පවත්වගෙන යෑම සඳහා මෙලෙස පෞද්ගලික ආයෝජකයන්ගෙන් ලංසු කැඳවා ඇත.
Sri Lankan මිලදී ගැනීමට සමාගම් 3ක් අවසන් වටයට... දේශීය සමාගම් දෙකක්ද ඒ අතර!
2024-05-25T10:45:00+05:30
Gossip Lanka Hot News






