පොහොට්ටු මන්ත්‍රීන් සහ සංවිධායකයන් මූලස්ථානයට කැඳවයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් එම පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා.
ඒ අනුව පොහොට්ටුවේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 10.45ට කැඳවා ඇති බව සඳහන්.
පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවේ දී ගනුලැබු තීන්දු තීරණ පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.
පොහොට්ටු මන්ත්‍රීන් සහ සංවිධායකයන් මූලස්ථානයට කැඳවයි
2024-05-07T11:32:00+05:30
Gossip Lanka Hot News






