ශම්මි සිල්වාට අධිකරණයෙන් නියෝගයක්!
අද (15) දින කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපදේශක අනුර වීරසිංහ සහ කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සභාපති විසින් ශම්මි සිල්වා හා වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්තට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ අක්‍රමිකතා ඇති බවට මාධ්‍ය සාකච්ඡාවක් කරමින් හෙළිදරව් කළ පැමිණිලිකරුගේ සේවය නීතිවිරෝධීව අත්හිටුවා ඇති විත්තිකාර සභාපතිවරයා අනීතිකව, අත්තනෝමතිකව පැමිණිලිකරුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සදහන් කරයි.
ශම්මි සිල්වාට අධිකරණයෙන් නියෝගයක්!
2024-05-15T19:46:00+05:30
Gossip Lanka Hot News






