gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා මරන්න වස දුන්නා.. මගේ බහිශ‍්‍රාවීය පද්ධතිය අක‍්‍රිය වුනා - රොෂාන්

තමන් ඝාතනය කිරීම සඳහා වූ සැලැස්මක් දැනට මාස එකහමාරකට පමණ පෙර ක්‍රියාත්මක වූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැයි රැළිය අම්පාර නගර ශාලාවේදී අමතමින් ඔහු මේ බව පැවසීය.

තමන් ජපානයට ගිය අවස්ථාවක තමන්ගේ බහිශ්‍රාවීය පද්ධතිය ක්‍රමයෙන් අක්‍රිය වීම ආරම්භ වී තිබූ බවද පැවසු ඔහු ඒ සඳහා මාස එකහමාරකම කාලයක් ප්‍රතිකාර ලබාගත් බවද සඳහන් කළේය.

තමන්ට ලබාදුන් ආහාරයකට විෂ වර්ගයක් එක්කර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබූ බව ජපානයේදී සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වූ බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් මෑතකදී දේශපාලඥයකුගේ කටින් වචනයක් පැන ඇති බවත් ඔවුන් උත්සාහ කරන්නේ කිසිවකු මරා දමා හෝ බලය රැකගැනීමට බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka