බැසිල් හත්වන වරටත් ජනපති හමුවේ! විසුරුවන ඉල්ලීම තීරණාත්මකව බිද වැටේ!
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් නිෂ්චිත පිළිතුරක් ලබා නොදුන් බව ශ්‍ර්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (13) දිනයේ ද ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව එම පෙරමුණ පවසයි.
මේ වනවිට දෙපාර්ශ්වය අතර පවතින ගැටලු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා වට ගණන 07 ක් පවත්වා තිබේ.
පෙරේදා පැවති සාකච්ඡාවේදී රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ද ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව පොදුජන පෙරමුණ පවසයි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 26 වැනි දා අනුරාධපුර කලාවැව මැතිවරණ කොට්ඨාසයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
එතැන් සිට ආසන මට්ටමින් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිදුරටත් පවසයි.
– නාගොඩ සුමන උදයන්ත
බැසිල් හත්වන වරටත් ජනපති හමුවේ! විසුරුවන ඉල්ලීම තීරණාත්මකව බිද වැටේ!
2024-05-15T15:48:00+05:30
Gossip Lanka Hot News






