gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෝටාර් උණ්ඩ ඇතුළු අවි ආයුධ සහිත පුද්ගලික අවි ගබඩාවක් සොයාගනී.. ප්‍රභූ ඝාතන සැලැස්මක් දැයි සැකයක්!

කැස්බෑව පොලිසියට ලද තොරතුරුක් මත පිළියන්දල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පරිසර වේදියෙකු ලෙස ක්‍රියා කළ දැනට මියගොස් සිටින පුද්ගලයෙකුට අයත් නිවසක සඟවා තිබූ ටී 56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ  116 ක් සහ මෝටර් උණ්ඩ සොයාගත් බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ එම ආයුධ තොගය සම්බන්ධයෙන් මියගිය පරිසර වේදියාගේ පුත්‍රයා විසින් ලබාදුන් තොරතුරු අනුව පිළියන්දල පිහිටි ඔහුගේ නිවසේ උඩුමහලේ සොල්දොර තට්ටුවේ යන්ත්‍රෝපකරණ කාමරය පරීක්ෂා කිරීමේදී එම ආයුධ තොගය සොයාගත් බවයි.

එම අවි තොගය අතර  අංක මකාදමන ලද ටී පනස් හය ස්වයංක්‍රීය ගිනි අවියක්, මළ බැඳී තිබූ ටී පනස් හය මැගසින් හතරක්, T  56 ජීව උණ්ඩ අනූ හයක්,  ට්‍රසර් උණ්ඩ විස්සක්, බලපත්‍රය කල් ඉකුත් වූ බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සහ මෝටර් උණ්ඩයක් පොලිසියට භාරයට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ එම ආයුධ තොගය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳවත්, කිසිවෙකු විසින් එම ආයුධ තොගය මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇත්දැයි යන්න පිළිබඳවත් නිශ්චිත තොරතුරු මේ වනවිට අනාවරණය වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය.

පොලිස් උසස් නිලධාරියෙක් පැවසූවේ එම අවි ආයුධ තොගය පරීක්ෂා කිරීමේදී ඒවා යම් ප්‍රභූ වරයෙක් ඝාතනය කිරීමේ අරමුණින් රැස් කර ඇති අවි බවට මූලික සැකයක් මතුවන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka