gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිවරණයට උතුරෙන් අපෙක්‍ෂකයන් එපා - ප‍්‍රබල රටවල් සුළු පක්‍ෂවලට දන්වති!

එළැඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව පාර්ශ්වයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වුවහොත් දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුව සම්බන්ධයෙන් තමන්ට මේ වන විට දැක්විය හැකිව තිබෙන මැදිහත්වීම පවා අහිමිව යනු ඇති බව ප්‍රධාන රටවල් කිහිපයකම මෙරට රාජ්‍යතාන්ත්‍රිකයන් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයකම ඉහළ පෙළ නායකයන් වෙත අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

එම රාජ්‍යතාන්ත්‍රිකයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම යෝජනාව පිටුපස තමන් නොමැති බවයි.

මේ අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ඉකුත්දා
මෙරට ඉන්දියානු මහකොමසාර්ස් සන්තෝෂ් ජා මහතා හමු වූ අතර ශ්‍රීධරන් මහතා පැවැසුවේ පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර මෙරට රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවන බවයි.

මේ අතර උතුරේ ඇතැම් ස්වේච්ඡා සංවිධාන හා දේශපාලන පක්ෂ පොදු අපේක්ෂක යෝජනාව සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළ දේශපාලන පක්ෂ හා සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් දෙමළ ජනතාව පාර්ශ්වයෙන් උතුරේ සිවිල් සංවිධාන හා ඇතැම් දේශපාලන පක්ෂ ගන්නා මෙම උත්සාහය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka