පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. කතානායකවරයා පාර්ලිමේන්තු කාරක සභාවකදී පවසා ඇත්තේ තමන්ට වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති නිසා ජනාධිපතිවරයා වෙත මෙම ඉල්ලීම ලබාදෙන බවයි.
මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ අත්සනින් වාහන බලපත්‍ර ඉල්ලමින් කථානායකවරයාට ලිපියක් බාරදී තිබේ.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී ද සාකච්ඡා කර ඇත.
කෙසේ නමුත් ඊට සහභාගී වූ විපක්ෂ නායකවරයා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙම යෝජනාවට විරෝධය පළ කර තිබේ.
