gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුසියා යුද්දයේ ලාංකියන් ඉස්සරහට ගියොක් යුකේ‍්‍රනයෙන් වෙඩි... පස්සට ආවොත් රුසියාවෙන් වෙඩි!

රුසියානු කුලී හමුදාවන්ට මෙරට සෙබළුන් විකුණන ජාවාරම පිටුපස රුසියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුද සිටින බව විමර්ශන කණ්ඩායම් හෙළි කරගෙන ඇත. මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු හා සැරයන්වරයකු පසුගිය අටවැනිදා අත්අඩංගුවට ගත් අතර, මීට පෙර විශ්‍රාමික මේජර්වරයකුද අත්අඩංගුවට ගෙන තිබේ.

ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරයා රුසියානු සබඳතා යොදා ගනිමින් මෙය කරගෙන ගොස් ඇති බවත්, දැනට ඔහු රුසියාවට පැන ගොස් ඇති බවත් හෙළිවී තිබේ.

මෙම පිරිස රහසිගතව මහනුවර හා කුරුණෑගල හෝටල්වලදී හමුදා සාමාජිකයන් බඳවා ගැනීම සඳහා වැඩසටහන් හා සූම් තාක්ෂණය ඔස්සේ වැඩමුළු පවත්වා ඇතැයිද හෙළිවී තිබේ.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ කල්ලිය රුසියාවේ පසුපෙළ කඳවුරුවල රාජකාරි සඳහා බව කියමින් රුපියල් ලක්ෂ දහසය බැගින් අයකර සෙබළුන් හා නිලධාරීන් රුසියාවට යවා තිබේ.

රට යැවීමට මුදල් අයකර ගත් සෑම සෙබළකු වෙනුවෙන්ම මෙම ජාවාරම්කාර කල්ලිය රුසියානු කුලී හමුදාවෙන්ද රුපියල් ලක්ෂ විසිපහ බැගින් ලබාගෙන ඇතැයි හෙළිවී ඇත.

තමන් අපේක්ෂා කළ රැකියාවන් නොලැබීම නිසා යළි ලංකාවට යාමට අවශ්‍ය බව එහි ගිය කොමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළුන් ඉල්ලීම් කරද්දී සෑම සෙබළකුටම ලක්ෂ විසිපහ බැගින් ගෙවා ගත් බව ඔවුන් පවසා තිබේ.

මෙම කුලී හමුදාවේ සාමාජිකයන් නිතර අයිස් මත්ද්‍රව්‍ය පානය කරන නිසා ඔවුන්ගේ නියෝග නොකැතුවොත් වෙඩි කන්නට වන නිසා සටන් පෙරමුණට යන බව එරට සිටින සෙබළු හෙළි කළහ.


– Aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka