ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී අදහස් දක්වමින් මනූෂ නානායක්කාර සඳහන් කළේ ජනපති රනිල් ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් මූලික කර ගනිමින් නොව සියලු දෙනාටම එකඟ විය හැකි එක් විය හැකි ජාතික අපේක්ෂකයකු ලෙස බවයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැතැයි බොරු ප්‍රචාර යවමින් සජිත් ප්‍රේමදාස පාක්ෂිකයන් රැක ගැනීමේ සටනක නිරත වෙමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පාක්ෂිකයන් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ රට ඉදිරියට ගෙනයෑමේ අපේක්ෂාව මේ මොහොතේ ඉටුවෙමින් තිබෙන හෙයින් ඔවුන් නිරායාසයෙන්ම ජනාධිපතිවරයා වටා එකතු වීම වළක්වන්නට හැකියාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.