ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසූවේ ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා තම පක්ෂ නායක අනුර කුමාර දිසානායක කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් පේමදාස වෙත දිනය ස්ථිර කර දැන්වූවද මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.
මෙරට පුවත්පතකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කර තිබුනි.
නලින්ද ජයතිස්ස මහතා එහිදී වැඩිදුරටත් සඳහන්කර තිබුනේ, විවාදය සඳහා අපි යෝජනා කළ දිනවලට විපක්ෂ නායකවරයා එකඟ නොවූවත් ස.ජ.බ ලබාදුන් දින සඳහා ජාතික ජන බලවේගය සූදානම් බවයි.
අවසාන වශයෙන් ජයතිස්ස මහතා කියා සිටියේ, එම ලබාදුන් දින ජාතික ජන බලවේගය විසින් බාෆ නොගනී යන උපකල්පනය මත එම ශින ලබාදෙන්නට ඇති බවයි.
