gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුව ගැන ඉන්දියාවෙන් නිවේදනයක්!

කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට සිය රටෙහි සම්බන්ධයක් නොමැති බව ඉන්දියාව පවසනවා. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන විශේෂ අවධානයක් යොමු වී ඇති බව මහ කොමසාරිස් කාර්යාලය කියන්නේ.

කටුනායක ගුවන්තොටුපළේ ඇතිව තිබූ වීසා ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ද විශේෂ නිවේදනයක් නිකුත් කරනවා.

මෙරටට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදි (on Arrival) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය VFS Global නම් ආයතනය වෙත ලබා දුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බව එම නිවේදනය කියනවා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව 2023 සැප්තැම්බර් 11 දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ.

ඒ අනුව සිදු කළ ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ වඩාත්ම සුදුසුකම් පෙන්නුම් කළ මෙම සමාගම වෙත විදේශිකයන් වෙනුවෙන් රටට පැමිණීමේ දි වීසා නිකුත් කිරීම හා මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීමේ කටයුතු පැවරීමටයි කටයුතු කර ඇතිබවයි කියන්නේ. අදාළ සමාගම නව තාක්ෂණය භාවිත කරන මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වනවා.

මෙම කටයුතු ඔවුන් වෙත පවරන ලද බවත්, රටවල් 151ක විසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3,388ක සේවා සපයන ආයතනයක් ලෙස VFS Global ලොව ප්‍රකට සමාගමක් බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

පසුගිය දිනක ඔවුන්ගේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ යම් ගැටලුවක් ඇතිවීම ගැන සොයා බැලීමට රජය තීරණය කර තිබෙනවා.

කැබිනට් අනුමැතියකින් තොරව මෙම ක්‍රියාවලිය බාරදුන් බව පවසන කරුණ අසත්‍ය කාරණයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියන්නේ. මෙරටට පැමිණෙන විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම විදේශීය සමාගමකට පවරා ඇති බවට පළ වන වාර්තා පදනමක් නොමැති බව ද සඳහන් වෙනවා.

වීසා නිකුත් කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයිමේ කටයුතු පමණක් මෙම සමාගම වෙත පවරා ඇති අතර ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියා කරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ද රජය කටයුතු කරමින් සිටින බව නිවේදනයේ දැක්වෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මැයිපළමුවැනිදා එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති වුණා. එම පරිශ්‍රය තුළ දිගු පෝලිම් නිර්මාණය වී තිබු අතර ඒ හේතුවෙන් අපහසුතාවට පත්වූ විදේශීය සංචාරකයන් ඊට දැඩි විරෝධයක් පළකළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka